විදෙස් පුවත්
මෝටර් බෝට්ටු දෙකක් මතට පාෂාණ තට්ටුවක් කඩා වැටේ

බ්‍රසීලයේ පිහිටි ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙලෙස මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.