සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

රුසියාව ස්වාධීන රාජ්‍යයන් වලට අත ගසයි.

රුසියාව විසින් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගත් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්‍රදේශවලට ඇතුලුවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවන්ට නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු හමුදා වාහන යුක්‍රේන දේශ සීමා දෙසට ගමන් කරන අයුරු ද පෙනෙන්නට ඇති බවයි. එම කලාප දෙකේ සාම සාධක කටයුතු සිදුකරන බව රුසියාව දැනටමත් ප්‍රකාශ කර අවසන්. කෙසේවෙතත් බටහිර රටවල් චෝදනා කරන්නේ රුසියාව යුද්ධයකට අරඅදිමින් සිටින බවයි. වහාම රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවිය යුතු බවටයි බි්‍රතාන්‍ය ඇතුලු බටහිර රටවල් රැසක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ.

Tags