සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 128ක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයින් 900 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද ඇති බව සඳහන්.

මේ අතර ඉරානය විසින් කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයෙන් මියගිය පුද්ගලයින් ගණන 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊශ්‍රායල රජයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 380 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

Tags