සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

තායිලන්ත සාප්පු සංකීර්ණණයක සිදුවූ මාරාන්තික වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට.

තායිලන්තයේ බැංකොක් අගනුවර සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයකදී ඉකුත් අගහරුවාදා සිදු කළ වෙඩි තැබීමකින් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලීසිය විසින් විදෙස් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර තිබේ. සිදුවීම වූ අවස්ථාවේදී බියට පත් සාප්පු ශාලා හිමියන් එම ස්ථානයෙන් ඉවත්වීමට කටයුතු කර ඇති අතර, සිදුවීමට අදාළව වයස අවුරුදු 14ක පිරිමි ළමයෙකු තායිලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත​.

සංසරණය වෙමින් පවතින වීඩියෝ පටවල දැක්වෙන ආකාරයට මධ්‍යම බැංකොක් හි කාර්යබහුල Siam Paragon වෙළඳ සංකීර්ණයෙන් විශාල පිරිසක් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පිටතට දිවයන අයුරු දක්නට ලැබේ. මෙම​ වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වල දැක්වෙන්නේ එරට වේලාවෙන් පස්වරු 4:20ට පමණය​. 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මානසික සෞඛ්‍ය ගැටලු වලින් පෙළෙන්නෙකු බවට ද කරුණු අනාවරණය වී ඇති අතරම, ඒ බව​ තායි පොලිස් ජනරාල් Torsak Sukvimol විසින් වාර්තාකරුවන් හ​ට තහවුරු කර ඇත​. වෙඩි තැබීම ආරම්භ වී පැයකටත් අඩු කාලයකදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරු පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අසල පිහිටි රෝහලකට යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.

Tags