සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරන්නේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙක් රඳවා තබා ගන්නා බවද ඇය මෙහිදී අනතුරු අඟවනු ලැබුවා.

පසුගිය සඳුදා රාත්‍රියේ ව්‍යාපාර 23ක් කොල්ලකෑමත් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නගරාධිපතිවරිය තීරණය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඟහරුවාදා දිනයේ දී පමණක් අත්අඩංගුවට ගැනීම් 197ක් හමුදාව විසින් සිදුකර ඇති බවයි.

Tags