විදෙස් පුවත්
ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මරුට
ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා “රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේ දී මෙලෙස මිය ගිය බවයි.
විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම් දැරූ පර්සාගේ මරණය සම්බන්ධව වැඩිදුර තොරතුරු මේ වන තුරු ඉරාන මාධ්‍ය කර නොමැති බව වාර්තා වනවා.
මේ අතර යුද්ධය අවසන් කර ඊශ්‍රායලය නැවත ගොඩනැගීම ආරම්භ කළ යුතු බව ඊශ්‍රායලයේ විපක්ෂ නායක යාහිර් ලැපිඩ් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවකට එක් වෙමින්.
ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
