විදෙස් පුවත්
ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති අතර වරින් වර ගුවන් අවකාශය වසා දමා ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන්ව ඇති බවයි.
තවද එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇති වීමේ හැකියාවක් ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.
එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේශම් වන ලෙසද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා දී තිබෙනවා.
