විදෙස් පුවත්
කාර්මික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරව යවයි
හොංකොං සිට නව දිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව තිබෙන බවට සැකකයක් හේතුවෙන් නැවත හොංකොං බලා පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානය මෙලෙස නැවත පැමිණි බවයි.
මෙම ගුවන් යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් ආරක්‍ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.
මේ වන විට එම ගුවන් යානය පරික්ෂාවට ලක්කරමින් පවතින බව වාර්තා වනවා.
පසුගිය 12 වනදා එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානය අනතුරට ලක්ව දින කිහිපයකට පසුව මෙම සිදුවීම අද (16) වාර්තා වුණා.
මෙම ගුවන් අනතුරින් ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා.
