සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ලෝක දේශපාලනයේ ප්‍රථම වරට මැතිවරණයක් සඳහා AI අපේක්‍ෂකයෙක්

ලෝක දේශපාලනයේ එදා මෙදා තුර ප්‍රථම වරට මැතිවරණයක් සඳහා කෘතීම බුද්ධියෙන් නිර්මාණය කල (Artificial Intelligence) අපේක්‍ෂකයෙකු බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

AI ස්ටීව් යනුවෙනුයි ඔහුගේ නාමය ඡන්ද පත්‍රිකා තුල සඳහන් වීමට නියමිතව තිබෙන්නේ.

එළඹෙන ජූලි මස 04 වන දා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයේදී අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත AI ස්ටීව් නොහොත් ස්ටීව් එන්ඩකෝට් වෙනුවෙන් දර්ශණය කිරීමට නියමිතව ඇත්තේ AI ස්ටීව් ලෙස නිර්මාණය කර ඇති මුහුණ බව ද වැඩිදුරටත් සඳහන්.

Tags