සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඕස්ට්‍රේලියානු අගමැති අමෙරිකාවේ නිල සංචාරයක

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් අමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා සහභාගීවීමේ මුලික අරමුණින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදුකරන බවයි.

එම සංචාරය අතරවාරයේ දී ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ නිල හමුවකට ද සහභාගී වීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

මේ අනුව ලබන අඟහරුවාදා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර නිල හමුව පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජය නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.

අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හමුවීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

Tags