සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ජේසු බිළිඳු උපන් බෙත්ලෙහෙමට නත්තල අහිමි වේ.. (Video)

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මේ වනවිටත් පවතින යුධ ගැටුම් හේතු කොටගෙන ජේසුස් වහන්සේ උපන් නගරය වන බෙත්ලෙහෙමේ වාර්‍ෂික නත්තල් සැමරුම් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ පැවති යුධමය තත්ත්වයන් තුල ගාසා තීරයට එල්ල වූ දැඩි ආක්‍රමණ හමුවේ මෙලෙස නත්තල් සැමරුම් අවලංගු කිරීමට සිදුවූ බවයි.

අනෙකුත් බොහෝ වසරවලදී නත්තල වෙනුවෙන් බෙත්ලෙහෙම බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යාම සුලභ දසුනකි. මෙවර බෙත්ලෙහෙමේ මැන්ගර් චතුරශ්‍රයේ පිහිටි නේටිවිටි දේවස්ථානයෙන් පිටත සුන්බුන් සහ රේසර් කම්බි සවි කිරීමක් මධ්‍යයේ තිබෙන රූප සමග බැතිමතුන් ඉටිපන්දම් දල්වමින් යාඥාවන් සිදුකල බවට සඳහන්. 

මෙවර නත්තලේදී ආධ්‍යාත්මික අංගයන් ආරක්‍ෂා කිරීමට මූලිකත්වය දෙමින්, චාරිත්‍රානුකූල සැමරුම් පසෙකින් තබමින් බෙත්ලෙහෙමේ කිතුණු ප්‍රජාව නිහඩ උත්සවයක් පැවැත්වීමට ද කටයුතු කර තිබේ.

TRT World වීඩියෝව පහතින්:

Tags