විදෙස් පුවත්
හොංකොං ගුවන්තොටුපොළේ Boeing 747 ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට – පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
හොංකොං ජාත්යන්තර ගුවන්තොටුපොළේ, තුර්කි භාණ්ඩ ප්රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු Boeing 747-481 (EK9788) ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස්, අසල තිබූ වාහනයකට ගැටී මුහුදට වැටී තිබේ.
අනතුරෙන් ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව රෝහල් ගත කර ඇත.
මෙම අනතුර නිසා බලපෑමට ලක්වූ ධාවන පථය වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
