සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට එරෙහිව පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයක්! දෙපාර්ශවයේම යුධ ගැටුම් තීව්‍ර වන ලකුණු.

ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර දෙවැනි දිනටත් ගැටුම් දිවයන අතර​, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ භූමියේ සටන් දිගටම පවතින බැවින් ගාසා තීරයේ පාලනය සියතට ගැනීම කෙරෙහි තම අවධානය යොමු වූ බවයි. ගාසා සටන්කාමීන් විසින් සෙනසුරාදා දින ඊශ්‍රායලයට එක්වරම අනපේක්‍ෂිත අයුරින් එල්ල කරන ලද මහා පරිමාණ ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් සිය ගණනක් ජීවිතක්‍ෂයට පත් විය​.

ඊශ්‍රායල් අගමැති Benjamin Netanyahu විසින් එරට පුරවැසියන් අමතා ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ ඔවුන් සිටිනුයේ යුද්ධයක බවට​ය​. මේ වන විට දෙපාර්ශවය අතර දිගුකාලීන ගැටුමක පෙරයීම් දක්නට ලැබෙන අතරම විදෙස් මාධ්‍යයන් විසින් වාර්තා කර තිබූ ආකාරයට සෙනසුරාදා දිනයේදීම ඊශ්‍රායලය විසින් රොකට් ප්‍රහාර එල්ල කිරීමටත් හමුදා බල ඇණි යොමු කිරීමටත් කටයුතු කර ඇත​.

ඊශ්‍රායලයේ මේ වන විට අවම වශයෙන් 350ක පමණ පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතරම, ඊශ්‍රායල ගුවන් ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනුවන් 313 දෙනෙකු මිය ගොස් ඇතැයි ද වාර්තාවල​ සඳහන් ය​. හමාස් සංවිධානය විසින් අල්ලා ගත් බව පවසන ඊශ්‍රායල සොල්දාදුවන් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් දුසිම් ගණනකගේ ඉරණම තවමත් කිසිවෙකුත් නොදන්නා අතර ඊශ්‍රායල හමුදාව විසින් තහවුරු කර ඇත්තේ හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ගෙන ඇති බවය​.

ඊශ්‍රායල් අගමැති Benjamin Netanyahu ප්‍රහාරය සිදුවූ දින අග භාගයේදී ප්‍රකාශ කර තිබුණේ තම රට දිගු හා දුෂ්කර යුද්ධයකට අවතීර්ණ වෙමින් සිටින බවය​. හමාස් සංවිධානයට බරපතල වන්දි ගෙවීමකට සූදානම් වන ලෙසට ප්‍රකාශය හරහා හුවා දක්වා ඇති අතරම ඊශ්‍රායලය ගාසා තීරයට විදුලිය, ඉන්ධන සහ භාණ්ඩ සැපයීම නතර කරන බව ද ප්‍රකාශ කර ඇත​.​

Wall Street Journal වාර්තාව පහතින්: