සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී ඡන්දයකින් තොරව මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත.

ඊට අදාළව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකරන ක්‍රියාදාමය තවත් වසර දෙකකට දීර්ඝ කර ඇති අතර, එම යෝජනාවට රටවල් 22ක් සම අනුග්‍රාහකයින් ලෙස අත්සන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද කෙටුම්පත ඔක්තෝබර් 1 වන දින ජිනීවාහිදී ඉදිරිපත් කර ඇත.

යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව අත්සන් තබා ඇති අතර, අතිරේක අනුග්‍රාහකයින්ගෙන් බහුතරයක් යුරෝපීය රාජ්‍යයන් වේ.

Tags