සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

මඟීන් 242ක් ගමන් ගත් ඉන්දීය යානයක් අනතුරට ලක්වෙයි

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

“එයාර් ඉන්දියා” ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මඟීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අනතුරෙන් සිදුවූ ජීවිත හානි හෝ වෙනත් හානි සම්බන්ධව මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන්.

අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනි නිවන රථ 5කට වැඩි ප්‍රමාණයක් මේ අවස්ථාවේ අනතුර සිදුවූ ස්ථානය වෙත යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Tags