සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

විශාල භුගත මිසයිල ගබඩාවකුත් හිමි ඉරානයේ යුධ ශක්තිය​

ඉරාන සන්නන්ධ හමුදාව සැලකෙන්නේ මැදපෙරදිග කලාපයේ දැවැන්ත සක්‍රීය හමුදා සේනාංකය වශයෙනුයි. ඉහළ අවි සහ න්‍යෂ්ටික බලයක්ද සහිත රටක් වශයෙන් සැලකෙන ඉරානය තුල පිහිටි භූගත මිසයිල ගබඩාවක් පිළිබඳව රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණා. ඉරානය පසුගිය වසරේදී ඊශ්‍රායලයට එරෙහිව දියත් කල​ ‘Operation True Promise’ මෙහෙයුමේදී මෙම භූගත ගබඩාවේ සිට ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර දියත් කල බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන ආකාරයට ඉරානය නව මිසයිල පද්ධතියක් හඳුන්වා දීමේ සූදානමකින් ද පසුවනවා. යුධ විශ්ලේෂකයන් මත පලකර සිටින ආකාරයට ඉරානයේ මිසයිල පද්ධතිය යනු දිනෙන් දින යාවත්කාලීන වන්නක්. 2023 වසරේ ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසුව මැදපෙරදිග කලාපයේ ගැටුම් තීව්‍ර වනු දක්නට ලැබුණා.

මැදපෙරදිග ක්‍රියාත්මක හමාස් සහ හිස්බුල්ලා වැනි සංවිධාන වලට ඉරානයේ සහාය හිමිව ඇති අතර​, එවන් පසුබිමක ඔවුන් විසින් සිය යුධ ශක්තිය පෙන්වීම විශේෂ කරුණක්.

Tags