විදෙස් පුවත්
ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කර දමයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරනවා නම් ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකදී පෙසෙෂ්කියන් මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
“සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
මේ අතර සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත ප්‍රහාර එල්ල නොකළ බවයි.
