සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ජපානයේ Moon Sniper මෙහෙයුමේ ඉරණම කෙබඳුද​?

චන්ද්‍රයා පෘථිවියේ සිට සැතපුම් ලක්ෂ ගණනක් දුරස්ථව​ පිහිටා ඇති නමුත්, දශක හයකට වැඩි කාලයක් තිස්සේ ඒ වෙතට පා තැබීමට සහ මතුපිට පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීමට​ මානව වර්ගයා විසින් විශාල කාර්යභාරයක් මේ වන විට ඉටු කර ඇත. ඇත්ත වශයෙන්ම චන්ද්‍රයා පිළිබඳව වන මානව ගවේෂණයන් එතරම්ම වැදගත් පසුබිමක් උසුලන සමයක නොයෙකුත් විද්‍යාඥයින්ගේ තර්කය වී තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වන නව භූ විද්‍යාත්මක යුගයක් ප්‍රකාශ කිරීමට කාලය එළඹ ඇති බවය.

අප මේ සටහනට පූර්විකාව තබමින් සිටින්නේ ජපානයේ “මූන් ස්නයිපර්” රොබෝ ගවේෂකය ඉකුත් සිකුරාදා සඳ මතුපිටට සාර්ථකව ගොඩ බැස්වූ පුවත වාර්තාවීමෙන් අනතුරුවය​. නමුත් Moon Sniper හට​ තීරණාත්මක ගැටලුවකට අදාළ ගොඩබෑමෙන් පසු​ මුහුණපෑමට සිදුවී ඇත​. විදෙස් මාධ්‍ය වාර්තාවන් සඳහන් කර සිටින්නේ මේ වනවිට එහි සූර්‍ය බලශක්ති පද්ධතියේ ගැටළු කිහිපයක් මතුව ඇති බවය​. Smart Lander for Investigating Moon (SLIM) යනුවෙන් හඳුන්වන​ ස්මාර්ට් ලෑන්ඩරයට අවශ්‍ය විද්‍යුතය එහි සූර්‍ය කෝෂයෙන් නිපදවීමක් සිදු නොවන නිසා සීමිත බැටරි බලයක් මත විශ්වාසය තැබීමට මෙහෙයුම් මැදිරියට සිදුවී ඇත​. එනයින්ම යානයේ මෙහෙයුම පැය කිහිපයකට සීමා කෙරෙනු ඇති බවට බොහෝ වාර්තාවන්හි සඳහන් ය​.

නමුත් සඳෙහි මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ලෑන්ඩරය සහ එහි රෝවර් දෙක කෙරෙහි වන​ සියලු බලාපොරොත්තු සුන් නොවනු ඇත. ඒ Moon Sniper යානයට යම් හිරු එළියක් අවශෝෂණය කරගැනීමට හැකියාව ලැබුනහොත් මෙම මෙහෙයුම දිගටම සිදුකරගෙන යාමට හැකියාව පවතින නිසාවෙන් ය​. එක්සත් ජනපදය​, සෝවියට් සමූහාණ්ඩුව, චීනය සහ ඉන්දියාවට පසුව සාර්ථකව සඳ මතට යානයක් ගොඩ බැස්වූ පස්වන රට වශයෙන් ජපානය ඊයේ දින (19) මූන් ස්නයිපර් ගොඩ බැස්වීමත් සමග සිය ස්ථානය තහවුරු කර ඇත​.

 

Tags