සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප්ට විශාල විරෝධතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ඇමරිකාවේ විශාල විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රාන්ත රැසක දහස් ගණන් ජනතාව එක්ව විරෝධතාව පළ කර තිබේ. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන හේතු අතර ෆැසිස්ට්වාදය, ඒකාධිපති රාජ්‍ය ක්‍රියා, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, ජාතික ආරක්ෂක භටයින් නගරවලට යෙදවීම සහ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළත් වේ.

දෙවැනි වරට බලයට පත් වූ ට්‍රම්ප් පරිපාලනයේ දැඩි තීන්දු සහ තීරුබදු ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අතර අප්‍රසාදය වැඩි වීමත්, ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමත් සිදුව ඇති බව වාර්තා වේ. විවේචකයන් පෙන්වා දෙන්නේ, මෙම තීන්දු සහ ක්‍රියාමාර්ග අමෙරිකානු ආර්ථිකයට හා ජාත්‍යන්තර සම්බන්ධතාට බලපෑම් ඇති කළ හැකි බවයි.

Tags