සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

හවායි දූපතේ ලැව් ගිනි තත්වයක්! 89 දෙනෙකු ජීවිතක්‍ෂයට​.

ශතවර්ෂයකට පසුව එක්සත් ජනපදයේ ඇති වූ දරුණුතම ලැව් ගිනි තත්වය සනිටුහන් කරමින් හවායි දූපත් හි පිහිටා ඇති ඓතිහාසික ලහයිනා නගරය විනාශ කළ මවුයි ගින්න හේතුවෙන් පුද්ගලයින් 89 දෙනෙකු මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. හවායි’හි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් මහතා සෙනසුරාදා දින විදෙස් මාධ්‍යයන් වෙතට කරුණු අනාවරණය කර තිබුණේ ජීවිත හානි ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවටයි. 

සිය ගණනක පිරිසක් අතුරුදන් වී ඇතැයි වාර්තා වන අතරම දිවි ගලවාගත් තවත් එවැනිම පිරිසක් මේ වන විට​ මවුයි හි තාවකාලික නවාතැන් වල රැඳී සිටී. මෙම ගින්න හවායි මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය වනු ඇති බවට බොහෝ දෙනෙකු සිය මත පළ කර සිටින අතර, දිවි ගලවා ගත්තවුන් සඳහා කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට​ සිදු වෙමින් පවතී. ආරක්‍ෂිත නිවාස සහ සෞඛ්‍ය පහසුකම් සලසා දීමටත් බලධාරීන් විසින් කටයුතු කරමින් සිටින​ බව ද වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

ලැව්ගිනි තත්වය මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති අතරම ලහයිනා ඇතුළු දිවයිනේ අනෙක් ප්‍රදේශවල ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමේ උත්සාහයන් ද​ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ගින්නෙන් පසු ලබාගත් ඩ්‍රෝන දර්ශණ​

Tags