විදෙස් පුවත්
සාහසිකයා වරද පිළිගනී (ඉන්දියාව කැළඹූ වෛද්‍ය ශිෂ්‍යයාව ඝාතනය)
පුහුණු වෛද්‍යවරියක් අපහරණය කොට ඝාතනය කිරීමේ සිදුවීම ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට පසුගිය කාලසීමාවේදී ලක්වුණා. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වෛද්‍යවරිය ඝාතනයට ලක් වූ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තෙක්.
අත්අඩංගුවට ගැණුනු අදාළ පුද්ගලයා ඉන්දීය මධ්‍යම විමර්ශණ කාර්‍යාංශය භාරයේ රඳවා තැබුණු අතර සැකකරු අදාළ සාපරාධී ක්‍රියාව කිසිදු පැකිළීමකින් තොරව පිළිගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.
අදාළ ඝාතනය සිදුවූ අගෝස්තු මස 08 වන දා රෝයි නමැත්තා වින්දිත වෛද්‍යවරිය අසල ගැවසෙන ආකාරය රෝහල් දර්ශණ වල සටහන් වී තිබෙන අතර අපරාධය වූ ස්ථානයේ තිබී ඔහුගේ හෙඩ් ෆෝන් යුගලය සොයා ගැනීමට ද පොලීසියට හැකි වී තිබෙනවා.
මොහු සම්බන්ධයෙන් එරට අධිකරණය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉන්දීය ජනමාධ්‍ය ඇතුළු සිවිල් වැසියන් දැඩි අවධානයකින් පසුවන බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
