සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඊශ්‍රායල සහ ඉරාන නව ප්‍රහාර රැසක් එල්ල වෙයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ඉලක්ක අතර ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයේ මුලස්ථානය සහ ආරක්ෂක නවෝත්පාදන හා පර්යේෂණ සංවිධානයට ඉලක්ක කරගත් බවයි.

ඉරාන අගනුවර ෂහ්රාන් තෙල් ගබඩාවට ඊශ්‍රායල ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව ටෙහෙරානයේ තෙල් අමාත්‍යාංශය පැවසුවා.

මේ අතර එල්ල වූ ප්‍රහාර හමුවේ ඉරානය නැවත ප්‍රති ප්‍රහාර යොමු කරමින් පවතින බව වාර්තා වනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය ඉලක්ක කර නව ඩ්‍රෝන ප්‍රහාරයක් සහ මිසයිලයක් දියත් කර ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු තම ආරක්ෂක කැබිනට් මණ්ඩලය කැඳවා ඇති බව වාර්තා වනවා.

Tags