සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

මැතිවරණ වේදිකාවක් කඩා වැටීමෙන් මෙක්සිකෝවේ පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්‍ෂයට​!

මෙක්සිකෝවේ මැතිවරණ ප්රචාරණ රැළියක් අතරවාරයේ වේදිකාවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තාවන් සඳහන් කර සිටිනවා.

උතුරු මෙක්සිකෝවේ Nuevo Leonහි පැවැති එම දේශපාලන රැළියේදී ඇතිව තිබෙන අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට ප්රාන්ත ආණ්ඩුකාර සැමුවෙල් ගාර්ෂියා විසින් කරුණු සඳහන් කර තිබෙනවා.

අදාළ අනතුර සිදුවූ මධ්යවාදී පුරවැසි ව්යාපාරයේ ජනපති අපේක්ෂක Jorge Alvarez සඳහන් කර ඇත්තේ තමාගේ ප්රචාරණ කටයුතු අත්හිටුවීමට​ කටයුතු කරන​ බවත් මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් පාරදෘශ්ය විමර්ශණයක් අදාළ බලධරයන් විසින් සිදු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ය​.

Tags