සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

මැලේසියාවේ ගුවන් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්‍ෂයට​!

බ්‍රහස්පතින්දා දින ක්වාලාලම්පූර් හි උතුරු දෙසින් පිහිටි අධිවේගී මාර්ගයකට කුඩා ප්‍රමාණයේ පුද්ගලික ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට​ වාර්තා වේ. මැලේසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මගීන් හය දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු රැගත් යානය Langkawi ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වී Sultan Abdul Aziz Shah ගුවන් තොටුපළ දක්වා ගමන් ආරම්භ කල බවටයි.

වැඩිදුරටත් සඳහන් වන ආකාරයට, පාලක මධ්‍යස්ථානය විසින් දේශීය වේලාවෙන් ප.ව. 2.51ට යානය කඩා වැටුණු ස්ථානයට සමගාමීව දුමාරයක් නිකුත් කරන බව නිරීක්‍ෂණය කර ඇති අතරම ගුවන් යානයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ප්‍රකාශ​ කර ඇත​. ගුවන් යානය මෝටර් රථයක සහ යතුරුපැදියක ද ගැටී ඇති අතරම​ එම අවස්ථාවේදී රියදුරන් පමණක් ඒවායේ ගමන් කර ඇත​. ඔවුන් දෙදෙනා ද ඇතුලුව අනතුර හේතුවෙන් මිය ගිය සමස්ථ පිරිස දස දෙනෙකු බවට එරට බලධාරීන් විසින් කරුණු දක්වා ඇත​.

මැලේසියාවේප්‍රවාහන අමාත්‍ය Anthony Loke විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක බවට විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ගුවන් යානයේ සිටි කිසිවෙකුත් දිවි ගලවා ගැනීමට සමත් වී නොමැති බවත් මාර්ගයේ දී අනතුරට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාවය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බව​ත් වැඩිදුරටත් සඳහන් කර ඇත​.

අධිවේගයේ ගමන් කරමින් තිබූ රථයක පටිගතව තිබූ දර්ශණ​ (Credits to : The Telegraph)

Tags