විදෙස් පුවත්
යෙව්ගෙනි ප්‍රිගොසින් මියයාම පුටින්ගේ සැළසුමක් ද?
අනතුරු ඇඟවීම් බොහොමයක් පැවතිණි. යෙව්ගෙනි ප්‍රිගොසින් නාමය කරළියට පැමිණීමත් වත්මන තුල ඔහුගේ අවසාන ඉරණම ලියැවීමත් පිළිබඳ සමපේක්ෂනය වන සිදුවීම් දාමයේ මූලාරම්භය ඇති වූවේ දෙමසකට පෙර ඔහු රුසියානු නායකයාගේ ක්‍රියා කලාපයට එදිරිව ගමන් ආරම්භ කිරීමත් සමගිනි.
අසාර්ථක කැරැල්ලෙන් පසු වැග්නර් ප්‍රධානී යෙව්ගෙනි ප්රිගොසින්ට දිවි ගලවා ගැනීමටත් ආරක්ෂිතව බෙලරූස් කරා යාමටත්
රුසියානු බලධාරීන් විසින් අවකාශය සලසා දුන් නමුදු බොහෝ දේශපාලනික විචාරකයින් විසින් ඔහුගේ අනාගතය පිළිබඳව සැක පළ කළහ. මාස දෙකක ඇවෑමෙන් පසු වැග්නර් නායකයාගේ ගුවන් යානය කඩා වැටීමේ පුවතත් ඔහු මිය ගොස් ඇතැයි කරනු ලබන අනුමානයන් හේතුවෙනුත් විදෙස් මාධ්‍ය තුල යම් කැලඹීමක් ඇති කරලීමට සමත් වී තිබේ.
මෙම මරණයට රුසියානු රජයේ මැදිහත්වීම පෙන්නුම් කරන නිශ්චිත සාක්ෂි නොමැති අතර යානය කඩා වැටීමට නිශ්චිත හේතුවක් ද ප්‍රකාශයට පත් කර නැත. කෙසේ නමුත් රුසියානු බලධාරීන් විසින් මෙම සිදුවීමට අදාළ කඩිනම් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇත. පසුගිය කාල සීමාව පුරා වූ සිදුවීම් සම්පිණ්ඩනාත්මකව ගෙන බැලූ විට කලක් පුටින්ගේ විශ්වසනීය අභ්‍යන්තර කවයේ සාමාජිකයෙකුව සිටීමත් දෙමසකට පෙර ඔහුගේ ක්‍රියා කලාපයෙන් පසු අභිරහස් තත්වයන් තුළ මිය යාමත් සැබවින්ම ප්‍රශ්ණ සහගතය.
2005 දී රටින් නෙරපා හැරීමට පෙර රුසියාවේ විශාලතම විදේශීය ආයෝජකයා වූ පුටින් විවේචකයෙකු වන බිල් බ්‍රෝඩර්,X (Twitter) පණිවුඩයක් මගින් දක්වා තිබුණේ “පුටින් කිසි විටෙකත් සමාව නොදෙන අතර කිසිදා අමතක නොකරන” බවයි.
Wall Street Journal විසින් පළ කර තිබූ වාර්තාව