සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

රුසියානු බලධාරීන්ගෙන් වැග්නර් ප්‍රධානී ප්‍රිගොසින් මිය ගිය බවට තහවුරු කිරීමක්

ජාන පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව රුසියානු විමර්ශකයින් විසින් ඉකුත් දා (27) විදෙස් මාධ්‍ය වෙතට තහවුරු කිරීමක් සිදු කර​ ඇත්තේ ගුවන් අනතුර හේතුවෙන් මිය ගිය දස දෙනා අතර වැග්නර් ප්‍රධානියා වන Yevgeny Prigozhin ද සිටින බවට​යි.

ඔහු විසින් මාස දෙකක පමණ කාලයකට පෙර නායකත්වය ලබා දුන් කැරැල්ල අසාර්ථක වූ අතරම දින දෙකකට පමණ පෙරාතුව විදෙස් මාධ්‍යයන් තුළ යම් කැළඹීමක් ඇති කරන ලද සිදුවීමක් බවට පත් වූවේ මොස්කව්හි වයඹ දෙසට වන්නට පිහිටි භූමියකට කඩා වැටුණු පෞද්ගලික ගුවන් යානයක​ සිටි පිරිස අතර​ Prigozhin ද සිටි බවට වාර්තා වීම නිසාවෙනි.

නමුත් (27) වනදා තෙක්ම ඔහු මිය ගොස් ඇති බව තහවුරු කිරීම සඳහා එරට බලධාරීන් විසින් කාල වේලාව ලබා ගැනීමට කටයුතු කල​ අතර, රුසියානු විමර්ශන කමිටුව මගින් මේ වන විට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාන පරීක්‍ෂණයන්ගේ අවසානාත්මක නිගමනය වශයෙන් Yevgeny Prigozhin මියගොස් ඇති බවට තහවුරු කරගන්නා ලද බවයි.

CBC පුවත් වාර්තාව​

Tags