සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉරානයෙන් අමෙරිකාවට ප්‍රතිචාර

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය අමෙරිකාවට අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ සිය රටට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අමෙරිකාවට ප්‍රතිචාර දක්වමින්.

එක්සත් ජනපදය විසින් සෘජුවම යුද්ධයට අවතීර්ණ වී ඇති බවත් ඔවුන් ඉරානයේ පුජනීය භූමිය උල්ලංඝනය කර ඇති බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

එම බලකායේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි කියා සිටින්නේ බලවත් සහ ඉලක්ක ගත මෙහෙයුම් හරහා එක්සත් ජනපදය බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇති බවයි.

ට්‍රම්ප් යනු සුදූකාරයෙක් බවත් ඔහුට යුද්ධය ආරම්භ කළ හැකි වුවද යුද්ධය අවසන් කිරීමට හැකි වනුයේ ඉරානය බවටත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙනවා.

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය සැලකෙන්නේ මින් දශක 4කට පෙර පිහිටුවන ලද එරට ඉස්ලාමීය ක්‍රමය ආරක්ෂා කිරීමට සහ නිත්‍ය සන්නද්ධ හමුදාවන්ට ප්‍රති බරක් සැපයීමටයි.

මෙය ඉරානයේ ප්‍රධාන මිලිටරි දේශපාලනික සහ ආර්ථික බලවේගයක් බවට පත්ව ඇති අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ තවත් බොහෝ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් සමග සමීප සබඳතාද පවත්වනු ලබනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය සතුව ක්‍රියාකාරි භටයින් 190,000කට අධික පිරිසක් සිටින බට ඇස්තමේන්තු කර ඇති බවයි.

Tags