සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉරානයේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඔවුන් මෙම ප්‍රහාරය ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙස නම් කර ඇති බව වාර්තා වනවා.

ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයක්ම පිපිරීම් වාර්තා වී ඇති බවද එරට මාධ්‍ය විසින් ද තහවුරු කර ඇති බව සඳහන්.

ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් රට තුළ හදිසි තත්ත්වයක් නම් කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීමද තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අමෙරිකාව පවසන්නේ තමා කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවයි.

Tags