විදෙස් පුවත්
ශාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි
ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා ගොස් ඇත.
2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ නවතම ලැයිස්තුවට අනුව, 59 හැවිරිදි ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට පත්ව ඇති අතර, ඔහු සතු වත්කම ඉන්දීය රුපියල් කෝටි 12,490ක් ලෙස පෙන්වා දී ඇත.
ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ දෙවැනි ධනවත්ම තනතුරට පත්ව ඇත්තේ, ජුහී චව්ලා සහ ඇගේ පවුල වන අතර, ඔවුන් සතු වත්කම ඉන්දීය රුපියල් කෝටි 7,790කි.
