සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

උතුරු කොරියානු නායකයාගේ අධි ආරක්‍ෂිත දුම්රිය සංචාරය​.

සඳුදා දිනයේදී කහ පැහැති තීරු සහිත තද කොළ පැහැ දුම්රියක් රුසියාව, චීනය සහ උතුරු කොරියාව එකිනෙක හමුවන දේශසීමාවේ දී දැකගත හැකි විය​. මෙකී සුවිශේෂී වර්ණ ගැන්වීම මගින් පැහැදිලි වූයේ දුම්රිය එක් විශේෂ පුද්ගලයෙකු ඒ තුළ රැගෙන යන බව ය​. ඔහු අන් කවරෙකුත් නොව​, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ය​.

කිම් උතුරු කොරියාව හැර යන්නේ කලාතුරකිනි. ඔහු එලෙසින් ගමන් කරනු ලබනවා නම් පියාසැරි මාධ්‍යය භාවිත කරන අවස්ථා ඉතාම විරලය​. ඔහුගේ පියාගේ සහ සීයාගේ අභාෂයන් අනුව ද බලන කල් හි කිම් ජොන් ද වැඩි කැමැත්තක් දක්වන්නේ සන්නද්ධ දුම්රියක නැගී ගමන් කිරීමටය​.

දැනුවත් ආකාරයට වසර හතරක පමණ කාලසීමාවකින් පසු උතුරු කොරියාවෙන් පිටත සංචාරයක් සඳහා ඔහු යොමු වන පළමු අවස්ථාව ද මෙයයි. කිම් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සමුළුවක් සඳහා රුසියාවට ගමන් කිරීම එලෙසින් විදෙස් මාධ්‍ය වාර්තා විසින් දක්වා තිබිණි.

බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ මාතෘකාව වී ඇත්තේ සෙමින් ගමන් කරන වෙඩි නොවදින බලකොටුවක් සේ හඳුන්වන ඔහු ගමන් ගනු ලැබූ මෙකී දුම්රිය පිළිබඳවයි. ඉදින් මේ කිම්ගේ දුම්රිය එන්ජින් බලකොටුව පිළිබඳව කෙටි තොරතුරු නිරාවරණයයි. කිම්ගේ පියා වන​ Kim Jong II විසින් භාවිතා කරන ලද මෙම​ දුම්රියේ එන්ජිම මෝටර් රථ 90ක් පමණ ඇදගෙන යාමට සමත් බලසම්පන්න එකකි. නමුත් මෑත කාලීනව සිදුකරන ලද ඇස්තමේන්තු අනුව එම සංඛ්‍යාව 21කින් පහත වැටී ඇත​.

බොහෝ මාධ්‍ය වාර්තාවන් විසින් දක්වන පරිදි කිම්ගේ ප්‍රධාන දුම්රිය සමඟ තවත් දුම්රියන් දෙකක් ගමන් කරනු ලබන අතර, ඉන් එකක් ඉදිරියෙන් ඇති පීලි සම්බන්ධව පරීක්‍ෂා කිරීම සඳහාත් අනෙක ඔහුගේ ආරක්ෂක පිරිවර රැගෙන යාමටත් ය​. මෙම දුම්රියේ නිල රාජ්‍ය කර්තව්‍යයන් සඳහා භාවිත කල හැකි කුඩා සම්මන්ත්‍රණ ශාලා මෙන්ම නිදන කාමර ද අඩංගුය​. 

වෙඩි නොවදින පරිදි නිපදවා ඇති (වීදුරු සහ දෙපස ආවරණ​) මෙහි බොහෝ නවීන දුම්රියවලට සාපේක්ෂව සැලකිය යුතු වේගයක්ද ඇති අතර උතුරු කොරියාවේ ධාවන පථවල පැයට සැතපුම් 28 ක පමණ වේගයකුත් චීන දුම්රිය ජාලයේ ක්‍රියාත්මක වන විට තරමක වැඩි වේගයකුත් ද ලබාගත හැකිය​.

කිම් ජොන් උන් සහ පුටින්ගේ හමුවීම පිළිබඳ මතභේදාත්මක කරුණු කිහිපයක්ම කතාබහට ලක් වන අතර රුසියානු පාර්ශවයෙන් සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායකයා නිල සංචාරයක් සඳහා පැමිණ ඇති බවටයි. ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්‍ෂාව භාර ප්‍රධාන උපදේශකයා වශයෙන් කටයුතු කරන Jon Finer  මහතා යෝජනා කර තිබෙන පරිදි; යුක්‍රේන යුද්ධයේදී භාවිතා කිරීම සඳහා රුසියාවට අවශ්‍ය ආයුධ සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සිදු වන්නට ඇති බවටය. උතුරු කොරියානු පාර්ශවයෙන් අත්‍යවශ්‍ය ආහාර ආධාර සහ දියුණු යුධ තාක්‍ෂණයන් පිළිබඳ සහයෝගය අපේක්‍ෂා කරනු ඇතැයි ද ඔවුන් විසින් ඉගි පළ කොට ඇත​.

 

Tags