උණුසුම් පුවත්
දකුණු අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් 63දෙනෙකු ජීවිතක්‍ෂයට!

මධ්‍යම ජොහැන්ස්බර්ග් හි තට්ටු පහක ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් මියගිය සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව නගරයේ හදිසි සේවා අංශයන් විසින් මේ වන විට විදෙස් මාධ්‍යයන් වෙතට වාර්තා කර ඇත. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 43ක් බවට ද වාර්තා වී ඇති අතරම හදිසි සේවා සහ ගිනි නිවන භටයින් විසින් ගින්න නිවා දැමීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව ද දක්වා තිබේ.
වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලේ පහත මාලයේ විශාල ගිනිදැල් පැතිරෙමින් පවතින ආකාරයත්, ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට සමත් වූ පිරිස් සැලකිය යුතු ප්‍රමාණයක් පිටතින් රැඳී සිටිනා ආකාරයත් ය. එරට හදිසි සේවා ප්‍රකාශක Robert Mulaudzi මහතා පවසා සිටින්නේ තුවාල ලැබූවන් කඩිනමින් සෞඛ්‍ය සේවා පහසුකම් වෙතට යොමු කර ඇති බවයි.
ජොහැන්ස්බර්ග් හි හදිසි සේවා විසින් ප්‍රකාශ කොට තිබුණේ බ්‍රහස්පතින්දා (31) ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 1:30 ට පමණ ගින්න වාර්තා වූ බවයි. ගින්නට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද සඳහන් වේ.