සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

FIFA ලෝක කුසලානය සඳහා සෞදි අරාබියේ ඉදිවන ලොවක් මවිත කල ක්‍රීඩාංගණය​ (Video)

2034 වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය ලබාදීම සඳහා සෞදි අරාබිය නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා. ඒ එම සත්කාරක රට තෝරා ගැනීම සඳහා 2023 අවසානයේ නියමිත කාල සීමාවට පෙර විධිමත් ලෙස ලංසුවක් ඉදිරිපත් කල එකම රට සෞදි අරාබිය වීම හේතුවෙනුයි. තරගාවලිය පැවැත්වෙන දින වකවානු පිළිබඳව තවමත් තීරණය කර නොමැති අතර​, 2034 පාපන්දු ලෝක කුසලානය සඳහා රටවල් 48ක් එක්වීමට නියමිතව තිබෙනවා.

සෞදි අරාබියේ නගර 15ක් කේන්ද්‍ර කර ගනිමින් 2034 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර​, එම කුසලානය ඉලක්ක කර ගනිමින්ම එරට රියාද් නගරයේ නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. ක්‍රීඩාංගණයේ සැලැස්ම පිළිබඳ වීඩියෝවක් මේ වන විට මාධ්‍යය වෙත මුදාහැර ඇති අතර​, ප්‍රේක්‍ෂකයින් 92,000කට අසුන් ගතහැකි ආකාරයට මෙම ක්‍රීඩාංගණය ඉදිවීමට නියමිතව ඇතැයි සඳහන්. මෙහි ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සහ​ ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක් අන්තර්ගත වන අතර යාබද සශ්‍රීක භූ දර්ශණයද ඉතාම දැකුම්කළු ලෙස ඉදිකිරීම් අවසන් වන විට නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.

Tags