සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක්

නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලැබූ බව ප්රාදේශීය බලධාරීන් තහවුරු කර තිබේ. සෙනසුරාදා දින ග්වෝසා නගරයේ පැවැත්වූ විවාහ මංගල්යයකට, අවමංගල්යයකට සහ රෝහලකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ප්රහාර එල්ල කළ බව ප්රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය පවසයි.
 
මියගිය පිරිස් අතර​ ළමයින්, වැඩිහිටියන් සහ ගර්භනී කාන්තාවන් සිටින බව වාර්තා වන අතර, සමහර ප්රාදේශීය මාධ්ය මරණ සංඛ්යාව 30 ක් පමණ විය හැකි බවටද වාර්තා කර සිටියි.
 
මෙම ප්රහාර සිදුව ඇත්තේ බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ කැරලිකාරී ක්රියාකාරකම්වල කේන්ද්රස්ථානය වූ බෝර්නෝ ප්රාන්තයේය.
වසර 15ක කාලයක් තිස්සේ පැවති මෙම කැරැල්ල හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවක් අවතැන් වී 40,000 කට වැඩි පිරිසක් ඝාතනය වී තිබේ.
 
ප්රහාරවලට ප්රතිචාර වශයෙන් හමුදාව විසින් ප්රදේශයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, ආරක්ෂක කටයුතු තර කර තිබේ.
 
මෙම ප්රහාර බොකෝ හරාම් සංවිධානය විසින් සිදු කරන ලද බවට සැක කෙරෙන නමුත්, මේ වන තෙක් කිසිදු සංවිධානයක් ඒ සඳහා වගකීම භාර ගෙන නැත. මෙම සිදුවීම නයිජීරියාවේ දිගින් දිගටම පවතින ආරක්ෂක අභියෝගය පිළිබිඹු කරන අතර, ප්රදේශයේ සාමය හා ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්යතාව අවධාරණය කරයි.
Tags