සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

සිරියාවේ කාන්තාවන්ට පොදු වෙරළ තීරයන්හි බුර්කිනාව පැළඳීම අනිවාර්ය කරයි

පොදු වෙරළ තීරයන්හි සිරයානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළඳීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

මේ අනුව කාන්තාවන් විසින් පොදු වෙරළ තීරයන්හි සහ පිහිනුම් තටාකවල මුහුණ, අත්පා පාද හැර ශරීරය ආවරණය වන පරිදි බුර්කිනි හෝ වෙනත් යහපත් ඇදුමක් ඇඳීම අනිවාර්යය කර තිබෙනවා.

කෙසේ වෙතත් පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පන්තියේ හෝටල් සඳහා අදාළ නියෝගය බල නොපැවැත්වෙන බවද සඳහන්.

Tags