විදෙස් පුවත්
Tariff War – චීනයත් අමෙරිකාවට දෙවෙනි නොවෙයි
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් නව තීරු බදු ක්‍රමය හෙට (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, චීනය විසින් ඔවුනට හඳුන්වා දුන් 34%ක බදු ප්‍රතිශතයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ද 34%ක බදු පැනවීමක් සිදුකර තිබුණා.
චීනය විසින් පනවා තිබෙන එම බදු ප්‍රතිශතය හෙට දහවල් 12ට පෙර වෙනස් කර නොගතහොත්; 50%ක බදු ප්‍රතිශතයක් දක්වා චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ උදෙසා නැවත බදු ඉහළ නංවන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යම් තර්ජනාත්මක ස්වරූපයකින් ප්‍රකාශ කර තිබුණා.
චීනය එහිදී අවධාරණය කර සිටියේ අමෙරිකාවේ බිය වැද්දීමේ ප්‍රතිපත්තිය තමන් පිළිනොගන්නා බැවින් අවසානය දක්වා සටන් වදින බවයි. මෙම තත්ත්වය හමුවේ වුවද, ආසියානු කොටස් වෙළඳපල රැසක් යම් ප්‍රකෘතිමත් තත්ත්වයක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන ලක්‍ෂණයක් වුණා.
