සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

සටන් විරාමය මේ මොහොතේ සිට ක්‍රියාත්මකයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය මේ වන විට ක්‍රියාත්මක බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එම සටහනෙන් ඔහු පෙන්වා දී ඇත්තේ “කරුණාකර එය උල්ලංඝනය නොකරන්න” ලෙසයි.

තවද ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන්නේ නම් තම හමුදා මෙහෙයුම් නතර කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා.

රජය මෙතෙක් කිසිඳු සටන් විරාමයකට හෝ මෙහෙයුම් නතර කිරීම පිළිබඳව එකඟතාවයකට පැමිණි නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සිදුකළ ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

Tags