සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් – පුටින් හමුවක් හංගේරියාවේදී

යුක්රේනයට එරෙහිව දිගුකාලීනව සිදුවෙමින් තිබූ යුද්ධය අවසන් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේදී හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරටේ නායකයින් ඊයේ (16) දින දුරකතන සංවාදයක නිතර වූ අතර, එහිදී මෙම හමුව පැවැත්වීම පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇතැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ නායකත්වයෙන් යුත් ඉහළ මට්ටමේ උපදේශක කණ්ඩායමක්, ලබන සතියේදී රුසියානු බලධාරීන් හමුවීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරු දෙපළ හමුවන දිනය තීරණය කෙරේ.

තොරතුරු අනුව, ට්‍රම්ප් – පුටින් හමුව හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් නගරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සංවාදය විශේෂත්වයක් දරන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අද (17) දින වොෂින්ටන් ඩීසී හිදී ජනාධිපති ට්‍රම්ප් හමුවීමට නියමිත පසුබිමකදී මෙම දුරකතන සංවාදය පැවැත්වීමය. අන්තර්ජාතික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම හමුව යුක්රේන-රුසියා ගැටුම අවසන් කිරීමට නව මාර්ගයක් ලෙස හඳුන්වා දිය හැකි තීරණාත්මක පියවරක් බවය.

Tags