සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉන්දියාවේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ලිංගික හිංසනයක්

ඉන්දියාවේ ඉන්දෝර් නගරයේදී ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකු හිරිහැරයකට ලක්ව ඇති අතර, සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් වාර්තා අනුව, ක්‍රීඩිකාවන් දෙදෙනා බ්‍රහස්පතින්දා උදෑසන හෝටලය අසල ආපන ශාලාවකට යමින් සිටියදී යතුරුපැදිකරුවෙකු ඔවුන්ට නුසුදුසු ලෙස අතවර කර පලා ගිය බව සදහන් වේ. සිද්ධිය දුටු පුද්ගලයෙකු සැකකරුගේ යතුරුපැදි අංකය සටහන් කරගැනීමෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පොලීසිය සැකකරුට එරෙහිව භාරතීය නායි සංහිතා පනත යටතේ කාන්තාවකගේ ගෞරවයට හානි කිරීම සහ ලුහුබැඳීම යන චෝදනා ගොනු කර තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය (CA) සිද්ධිය තහවුරු කරමින් පවසන්නේ, ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂක අංශය වහාම පොලීසියට පැමිණිලි කළ බවයි.

මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) දෙදෙනාම සිද්ධිය “අවාසනාවන්ත” ලෙස විස්තර කරමින්, වැරදිකරුට නීතියේ පරිදි දඬුවම් ලබා දිය යුතු බව පවසයි.

Tags