සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

අමෙරිකාවේ මන්ත්‍රීවරියකට වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරියක සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිනසෝටා මන්ත්‍රී මණ්ඩලයේ ඉහළම මන්ත්‍රීවරියක වූ මිනසෝටා ප්‍රාන්ත නියෝජිත මෙලීසා හෝට්මන් සහ ඇගේ සැමියා මෙලෙස ඝාතනය කර ඇති බවයි.

තවද මිනසෝටා ප්‍රාන්ත සෙනට් සභික ජෝන් හොෆ්මන් සහ ඔහුගේ බිරිඳට එම පුද්ගලයා විසින් වෙඩි තබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වනවා.

වෙඩික්කරු පොලිස් නිලධාරියෙකු සේ පෙනී සිටිමින් පොලිස් ලාංඡන සහ නිල ඇඳුම ද භාවිත කරමින් පොලිස් මෝටර් රථයක් මෙන් පෙනෙන මෝටර් රථයකින් මන්ත්‍රීවරියගේ නිවෙස වෙත පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

මේ දක්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකියාව නොමැති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි සැකකරු සොයා පොලීසිය සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය එක්ව විමර්ශන කටයුතු කර තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධව අමෙරිකානු නීතිපති පැමෙලා බොන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ මෙම වෙඩි ප්‍රහාරය රාජ්‍ය නීති සම්පාදකයින් ඉලක්ක කරගත් ප්‍රහායක් ලෙස තමන් දකින බවයි.

Tags