විදෙස් පුවත්
චිලී රාජ්‍යයේ මාරාන්තික ලැව්ගිනි තත්ත්වයක්
චිලි රාජ්‍යයේ Valparaíso ප්‍රදේශයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.
මෙය චිලී රාජ්‍යයේ මෙතෙක් වාර්තා වූ ලැව්ගිනි අතරින් මාරාන්තිකම ලැව්ගින්න ලෙස සඳහන් වනවා.
සහන කණ්ඩායම් විපතට පත්ව සිටින පිරිස බේරා ගැනීමට දැඩි පරීශ්‍රමයක් දරන බවත් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට අසීරූ බවත් සඳහන් වන අතරම, තාවකාලික රෝහල් ස්ථානගත කිරීමටද බලධාරීන් විසින් පියවර ගනිමින් සිටිනවා.
නිවාස 3,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි ද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්.