සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ගැඹුරු ළිදට වැටුණු දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් හි අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවුණු “රයන්” නමැති දරුවා මුදාගැනීම සඳහා තවදුරටත් මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මේ වනවිට කාලය සමග සටනක නිරතව සිටී.

මෙම පස් හැවිරිදි දරුවා පසුගිය අඟහරුවාදා දින ළිඳට වැටි තිබුණි.
දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින් මීටර් 27ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී රයන් පිටතට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.

Tags