උණුසුම් පුවත්
බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන එලියට
රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට නියමිත ය.
පෙරවරු 10.00ට පදනම් ආයතනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.
මීට ඉඟි පළ කරමින් ජවිපෙ නායකයාගේ ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල, “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව” යනුවෙන් පෝස්ටුවක් ද පළ කොට ඇත.