උණුසුම් පුවත්
ලංකාවේ ඉන්ටනෙට් වලට වෙච්ච දේ
ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සැපයීම සදහා යොදා ගන්න ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ දෝෂයක් මතුවී ඇති බව වාර්තා වනවා.
මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අන්තර්ජාල සම්බන්ධතා ඒකාබද්ධ කෙරෙන අතර මේ වන විට බෙංගාල බොක්ක අවට මුහුදු තීරයෙ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර මෙරට ජංගම දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතාව බලපෑම් ඇති විය හැකි බව ජංගම දුරකථන සේවා සපයන ආයතන නිවේදනය කරනවා.
කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි තක්සේරු කළ නො හැකිහැකි බවටයි එම සමාගම් දන්වා සිටින්නේ. මෙම සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බායි, එමෙන්ම බර්කා සහ ෆුජෛරා හරහාජාත්යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයනවා