උණුසුම් පුවත්
කොල්ලුපිටිය බස් රථ අනතුරින් ජීවිතක්‍ෂයට පත් වූවන් වෙනුවෙන් ලක්‍ෂ 05ක මුදල් ආධාරයක්.

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේ දී අද (06) උදෑසන මතුගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරෙන්, පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 07 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර තිබේ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ වැඩබලන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි අවමංගල්‍ය කටයුතු සඳහා මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් ලක්‍ෂ 05ක මුදල් ආධාරයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි.
ලලිත් ද අල්විස් මහතා වැඩිදුරටත් දක්වා සිටියේ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ ගමන් කරන මගීන් රක්‍ෂණය කර ඇති බැවින් එම රක්‍ෂණ සමාගම් සමග සාකච්ඡා කොට අවශ්‍ය කටයුතු ඉදිරියට සිදු කරනා බව ය.