සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ගතවූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 900ක් වාර්තා වේ!

ජාතික ඩෙංගු මර්ධන​ ඒකකය විසින් සඳහන් කර සිටින්නේ සැප්තැම්බර් මාසයේ ගතවූ දින 10ක කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බවටයි. ජාතික ඩෙංගු මර්ධන​ ඒකකයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කර සිටින්නේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනු ලැබුව ද, පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බවයි.

සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළින් නිරීක්‍ෂණය වන බවත් ඉකුත් මාසයත් මේ මාසයත් හා සසඳන විට රෝගීන් සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බවත් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලබන අතර දෛනික රෝගීන් ප්‍රමාණය 100-125 පමණ වන බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Tags