උණුසුම් පුවත්
රජයේ නිලධාරීන්ගේ රාජකාරි වේලාවන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
කාර්යාල ගතව සේවය කරනු ලබන රජයේ නිලධාරීන් සියලුම වැඩ කරන දිනයන්හිදී පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාර්යාලයන් හි රැඳී සිටිමින් සිය සේවා කටයුතු සිදු කිරීම අනිවාර්ය කරමින් චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය විසිනුයි මෙම චක්රලේඛය නිකුත් කර ඇත්තේ.
අමාත්යංශය සඳහන් කර සිටින්නේ ඇතැම් රාජ්ය ආයතනවල නිලධාරීන් සහ සේවකයින් ඔවුනගේ සේවා කාල සීමාව පිළිබඳ නොතකා පැමිණීම සහ පිටවීම සිදු කරන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම චක්රලේඛය නිකුත් කරන ලද බවයි.
අදාළ චක්‍රලේඛය පහතින්: