සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

TIN නිකුත් කිරීම සඳහා වඩාත් කාර්යක්‍ෂම ක්‍රියාවලියකට උපදෙස්

වයස අවුරුදු 18 ඉක්මවූ සියළු පුද්ගලයින් සඳහා බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය නැතහොත් TIN නිකුත් කිරීමට සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල වෙනම කවුන්ටර විවෘත කරන ලෙසට මුදල් අමාත්යංශය විසින් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අමතරව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපදෙස් ලබාදී ඇත්තේ රාජ්ය බැංකු, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ආදී ස්ථානයන්හි ද​ අදාළ කවුළු විවෘත කරන ලෙසටයි.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව​, රාජ්ය පරිපාලනය සහ ශ්රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නිලධාරීන් සමග​ TIN නිකුත් කිරීමට අදාළ කටයුතු පුළුල් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදීයි.

දැනට පවතින ඔන්ලයින් ලියාපදිංචි අයදුම්පත්‍රය කෙටි කිරීම සහ එම අංකය නිකුත් කිරීම සඳහා ගතවන කාලය දින පහකට වඩා අඩු කිරීමට අවධානය යොමු කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන්.

Tags