උණුසුම් පුවත්
අධිකරණ අමාත්‍යාංශය නව ගැසට් දෙකක් නිකුත් කරයි

දූෂණ මර්දන පනත සහ අපරාධවලට ගොදුරු වූවන්ට සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් පත්‍රය මේ සතියේ නිකුත් කරන ලදී.දූෂණ මර්දන පනත 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට බලපැවැත්වෙන බව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.අපරාධවලට ගොදුරු වූවන් සහ සාක්ෂිකරුවන්ට සහය දීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ගැසට් පත්‍රය ද 2023 සැප්තැම්බර් 15 දින සිට බලපැවැත්වේ.