සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

රුසියාව සමඟින් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ අනුමැතිය?

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලත​ම තරඟකරුවෙක් බවට රුසියාව පත්ව ඇති බව අඟහරුවාදා දින​ ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය වාර්තාවක සඳහන් වේ. Sputnik පුවත් සේවාවට අනුව, ශ්‍රී ලංකාව දැනට තෙල්, ගල් අඟුරු සහ හයිඩ්‍රොකාබන් ඇතුළු බලශක්ති අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කර සපුරා ගනුයේ රුසියාවෙනි. පවතින විදේශ විනිමය අර්බුදයන් සහ බලශක්තිය සපුරා ගැනීම සඳහා යෙදවිය යුතු පිරිවැය යම් පමණකින් හෝ අවම කර ගැනීමට ශ්‍රී ලංකානු රජය 2030 වන විට අවශ්‍ය කරන​ විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට අපේක්‍ෂා කරමින් සිටියි.

මාධ්‍ය වාර්තා අනුව, රුසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ යෝජිත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා සිදු කොට ඇත​. අපට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැක්කේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අන්තර් රාජ්‍ය ගිවිසුමක් (Intergovernmental Agreement) අත්සන් තැබුවහොත් පමණයි. එය මේ වන විට සිදුවෙමිනුයි පවතින්නේ.” එලෙස​ රුසියානු නියෝජිත පිරිස විසින් වැඩිදුරටත් කරුණු සඳහන් කරනු ලැබීය​.

එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ චීනය ඇතුළු බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා ආයෝජනය කිරීමට සිය කැමැත්ත පළ කර ඇතැයි ද  වාර්තාවන් හි සඳහන් ය​. නමුත් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ප්‍රබලතම තරඟකරු බවට රුසියාව පත්වීමට හේතුව කුමක් විය හැකි ද​? සැබවින්ම එයට හේතුව වන්නේ රුසියාව විසින් දකුණු ආසියාතික රටවල න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේදී සිය ප්‍රමුඛස්ථානය සනිටුහන් කර තිබීමය. ඔවුන් බංගලාදේශය​, චීනය සහ ඉන්දියාව වැනි රටවල න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම හරහා කලාපය තුල සිය කාර්‍යක්‍ෂමතාව, අවබෝධය මෙන්ම ඔවුනගේ උනන්දුව ද පෙන්නුම් කර ඇත.

මීට අමතරව, මෑතකදී රුසියාව බටහිර අප්‍රිකානු රටක් වන Burkina Faso සමඟ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා සංදේශයක් ද​ අත්සන් කොට ඇත​. මේ අතරවාරයේ ස්පුට්නික් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේදී, බලශක්ති සංවර්ධන අරමුදලේ අධ්‍යක්‍ෂ, මොස්කව් පදනම් කරගත් චින්තනවේදියෙකු වන Sergey Pikin සඳහන් කරනු ලැබුවේ රුසියාව යනු තාක්‍ෂණික සැපයුම්කරුවෙකු වන නිසාම ඔවුනට බලාගාරය ඉදිකිරීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා මෙන්ම මූල්‍යමය වශයෙන් ද ශ්‍රී ලංකාවට​ අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි බවය​. 

මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තෝරා ගැනීම පැහැදිලියි. රුසියාව කියන්නේ ගෝලීය වශයෙන් නායකයෙක්. කොළඹ නගරය රුසියාවත් සමගින් ඉදිරියට යා යුතුයි” යනුවෙන් Pikin සිය අදහස් දැක්වීම සිදුකර ඇත​. රුසියාව ඇතුළුව​ අනෙකුත් රටවලින් ශ්‍රී ලංකාව තුල න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම පිළිබඳව​ තක්සේරු සිදු කරමින් සිටින බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර උපුටා දක්වමින් ජූලි මාසයේදී මාධ්‍ය වාර්තාවන් ද​ පළවී තිබිණි. 

මිලියන 22 ක ජනතාවක් වෙසෙන රට තුල​, 1948 යටත් විජිත පාලන සමය අවසන් වීමෙන් පසු එහි දරුණුතම ආර්ථික අවපාතයට මුහුණ දීමට සිදුවූ අතර​, එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය මුදල ලබා ගැනීම සඳහා රට තුල​ ආර්ථිකමය වෙනස්කම් රැසක් තීන්දු තීරණ වශයෙන් ගැනීමට සිදුවී ඇත​. මාධ්‍ය වාර්තා වලට අනුව, 2020 දී ශ්‍රී ලංකාවේ විදුලි ජනනය ෆොසිල ඉන්ධන (10 TWh) සහ ජල විදුලිය (5 TWh) මත දැඩි ලෙස රඳා පැවතුන අතර, පුනර්ජනනීය බලශක්තිය හරහා ලබාගත් දායකත්වය ඉතාම සීමිතය​. ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන බලශක්ති සැලසුම් ප්‍රකාරව 2030 සිට රට තුල විදුලි ජනනයේදී න්‍යෂ්ටික බලශක්තිය ද ඇතුළත් කර ඇත​.

2022 දී, IAEA විශේෂඥයින් කණ්ඩායමක් ඒකාබද්ධ න්‍යෂ්ටික යටිතල පහසුකම් සමාලෝචනයක් හරහා න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව ද​​ තක්සේරු කිරීමක් සිදු කර ඇත​.

දිනපතා පුවත් පරිශීලනය කිරීමට අපගේ Facebook පිටුවට මෙතැනින් පිවිසෙන්න​.

https://www.facebook.com/CeylonJournalSriLanka

Tags