සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අද දින​ (06) සිට බලාත්මක වන පරිදි  ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත්කළ අතුරු කමිටුවේ කාර්යයන් සහ බලතල දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල මත 2022 පන්දු වාර විස්ස ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සිදුකරනු ලැබ ඇති දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් හා වගකීම් ඉටු කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය හෙයින් සහ අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව විනිවිද භාවයකින් යුතුව විශ්වසනීය ලෙස ඉටුකිරීමට අවකාශ සළසා දීමේ අරමුණින් එම අතුරු කමිටුව පත්කර ඇති අතර, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අනුව තාවකාලිකව අත්හිටුවා ඇත​.

අදාළ ගැසට් නිවේදනය පහතින්:

Tags